සමගි ජන බල සන්ධානයේ මුල් පෙලේ ක්‍රියාකාරිනියක වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉවත් කිරිමේ සැලසුමක් සකස් කෙරෙමින් පවතින බව අනාවරණය වේ.

මේ සඳහා දැඩි බලපෑමක් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් සහ ජලනි ප්‍රේමදාස බව හෙළි වී තිබේ.

බොහෝ විට ඇය රත්නපුර දිස්ත්‍රික්කයට පත් කර යැවිය හැකි බව මේ වනවිට හෙළිවි ඇත. එහි පළමු පියවර ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස කිහිපයක ග්‍රාමීය ගෘහස්ථ හමු ගණනාවක් ඇමතීම හිරුනිකා ප්‍රේමචන්ද්‍රට ලබා දී ඇති බව අනාවරණය වේ.