සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සමග රංජිත් මද්දුමබණ්ඩාර ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් අභ්‍යන්තර ගැටුම් නිරාකරණය කර ගැනීමේ ප්‍රචාරක උත්සාහයක් දරනු ලැබීය.
තමන් සමගි වනිතා ජාතික සංවිධායිකා ධුරයෙන් ඉල්ලා අස්වූයේ සජිත් ප්‍රේමදාස අපහසුතාවයකට පත් කිරීමේ චේතනාවකින් නොවන බව එහිදී ප්‍රකාශ කර තිබේ. එමෙන් ම එක් පුද්ගලයෙකුගේ මතය නායකතුමාගේ මතය නොවන බව ද ඇයි එහිදී සඳහන් කර ඇත.
මේ අතර මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජලනි ප්‍රේමදාස සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබෙන්නේ “මම පක්ෂයේ දේශපාලනය කරන කාන්තාවක්. ජලනි ප්‍රේමදාස මහත්මිය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ. දේශපාලන තනතුරක් දරන්නේ නෑ“ යනුවෙනි.