පසුගිය 2019 ජනාධිපතිවරණයේ දී උග්‍ර ලෙස ජාතිවාදය පතුරුවමින් ගෝඨාභය රාජපක්ෂ හිට්ලර් කෙනෙකු විය යුතු බව ප්‍රකාශ කළ වෙඬරුවේ උපාලි හිමි සජිත් ප්‍රේමදාස සමඟ සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

කලක් නිහඬව සිටි උපාලි හිමියන් මේ වනවිට සමගි ජන බලවේගයේ කටයුතුවලට ස්ථීර ලෙසම එක් වී ඇතැයි වාර්තා වේ. උපාලි හිමියන් සමඟ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි තවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ද එම පක්ෂයට එක්ව සිටිති.

මේ සම්බන්ධයෙන් සජිත් පිලේ බොහෝ දෙනෙකු එකඟතාවක් නැති බව වැඩි දුරටත් වාර්තා වේ.

“ඇත්ත” පුවත්පතේ පළ කර තිබූ යූනුස්ගේ කාටුනයක්