හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (26) සිට ඉවත් කළ බව පොලිසිය පවසයි.
කෙසේ වෙතත් හිටපු කතානායක හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායකට පොලිස් ආරක්ෂාව දිගටම දෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ පමණක් මැතිවරණය පැවැත්වෙන දිනය තෙක් රැඳී සිටීමට අවසර ලබාදී ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය අඟහරුවාදා (24) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීය අතර මේ අනුව මන්ත්‍රී දීමනාව, කාර්ය මණ්ඩල දීමනාව, ඉන්ධන දීමනාව, මුද්දර දීමනාව ඇතුළු සියලු පහසුකම් අහෝසි වී තිබේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ පමණක් මැතිවරණය පැවැත්වෙන දිනය තෙක් රැඳී සිටීමට අවසර ලබාදී ඇත.
2024 මහ මැතිවරණය නොවැම්බර් 14 වනදා පැවැත්වීමට නියමිතය.