කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක ව්‍යාජ ඔප්පු සකසා ඉඩම් කොල්ලකෑමේ තැතක් හෙළි වෙයි. එසේ ඉඩම් විශාල ප්‍රමාණයක් මේ වන විටත් හිටපු නගරාධිපති අනීතිකව අයිති කරගෙන ඇති බව ත් තමන්ට තම දෙමාපියන්ගෙන් අයිතිව තිබූ නාවල රාජගිරිය ගල්පොත්ත පාරේ ඉඩම කොල්ලකෑමට ජනක උත්සාහ කරන බවත් කෝට්ටේ නගර සභාවේම හිටපු විධායක ඉන්ජිනේරු සුදත් විජයරත්න චෝදනා කරයි.

ඊයේ ඔක්තෝම්බර් 16 වැනි දින රාත්‍රියේ විශාල මැර කණ්ඩායමක් සමඟ ජනක රණවක අදාල අදාල දේපලට පැමිණ නිවසේ ඉදිරි ගේට්ටු කඩා ඇතුළුවී පිස්තෝලයක් පෙන්නමින් බරපතල පිළිකා රෝගියෙක් වන තමාව බියගන්වා තමාව සහ තමා බලා ගැනීමට ඉන්නා සේවකයන් පන්නා කාමර පහකින් යුත් කෝටි විස්සක් පමණ වටිනා නිවස බලහත්කාරයෙන් ලබා ගැනීමට උත්සාහ කළ බව සුදත් මහතා වදුරටත් ප්‍රකාශ කර සිටියේය. තමා ඒ අවස්ථාවේදී පොලිස් හදිසිය ඇමතුම් අංශයට සහ තමාගේ නීතිඥවරුන් මාර්ගයෙන් වැලිකඩ පොලිසියට දැන් වූ බවත් ඒ ස්ථානයට පැමිණි වැලිකඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා සහ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා එතන රැඳී සිටි ජනකව හෝ එම මැර කණ්ඩායම පරීක්ෂා නොකළ බවත් ඒ වෙනුවට තමාගේ නිවස ඇතුලේ පිරිසක් රඳවාගෙන සිටින බවට හා නිවස ඇතුලේ ආයුධ තිබෙන බවට පොලිසියට තොරතුරක් ලැබුණු බවට පවසමින් වරෙන්තුවක් නොමැතිව නිවස පරීක්ෂා කළ යුතු බව දන්වා නිවස පරීක්ෂා කළ බව සුදත් මහතා චෝදනාත්මකව ප්‍රකාශ කර සිටියේය.

මින් පෙරද ජනක රණවක ඉතාම ප්‍රයෝගකාරී ලෙස තමාගෙන් නිවසේ යතුර ඉල්ලාගෙන මෙම නිවසට ඇතුළු වී මැරයන් දෙදෙනෙකු නිවසේ රඳවා සිටි බවත් නිවසේ තිබූ මුදල් රන් භාණ්ඩ සහ අනෙකුත් වටිනා භාණ්ඩ වටිනාලියකියවිලි සොරකම් කර ඇති බවත් ඒ පිළිබඳව වැලිකඩ පොලිසියට පැමිණිලි කළද තමන්ට කිසිදු සහනයක් නොලැබූ බවත් මැලිකඩ පොලිසියෙන් කිසිම සාධාරණයක් ඉටු නොවූ බවත් සුදත් මහතා සඳහන් කරයි.

ජනක රණවක මැරයන් දෙදෙනා ම නිවසේ රඳවා සිටි කාලයේදී නිවසේ ජනක රණවකගේ රියදුරුවරයා මිය ගොස් සිට හමු වූ බවට තමාට තොරතුරු ලැබුණු බවත් කෙසේ නමද න්න අපරාධ නඩු විධාන සංග්‍රහයේ විදුබිදාන අනුගමනය නොකර එම මිනිය නිවසෙන් අයින් කළ බවට තමා විශ්වාස කරන බවත් ඒ අනුව හදිසි මරණය මිනීමැරුමක් ද යන්න තමන් නොදන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

තමන්ට මුදල් හදිසියකදී ලක්ෂ 45ක් ලබාදී ඒ වෙනුවෙන් ජනකට අයිති රන්සෙත් සමාගමට බදු ඔප්පුවක් ලියන බවට පවසා ණය උකස්කරයකට නගර සභාවේ තමන් සමග එකට වැඩ කළ තමන්ගේ ඉතා සමීප මිතුරෙක් විදියට පෙනී සිටි ජනක රණවක කටයුතු කළ බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. තමාගේ අත්සන ව්‍යාජ ව භාවිතා කරමින් ජනක රණවක ව්‍යාජ ඔප්පු කීපයක් ම සකසා ඇති බවත් ඒ බව තමන් අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කළ බවත් ඒ අනුව මේ වෙනවිටත් විමර්ශන ආරම්භ වී ඇති බවත් සුදත් මහතා වැඩිදුරටත් කරුණු දක්වා සිටි. මෙම අනිතික ක්‍රියාව සම්බන්ධයෙන් නීතිය අනුව කටයුතු කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ගය ගන්නා බවත් තමන්ගේ මරණය පෙනි පෙනී සිටියදී මිතුරුවේසෙන් ක්‍රියා කරපු මෙවැනි පුද්ගලයෙක් ගැන තමාට ඇත්තේ ඉතා කලකිරීමක් බවත් නීතිය සාධාරණ රැකවරණය තමන්ට ලැබෙනු ඇත බලාපොරොත්තු සහිතව ත් බලා සිටින බවත් සුදත් මහතා ප්‍රකාශ කර සිටියේය. තමන්ට පවතින දේශපාලන බලය අවනීතිකව යොදා ගනිමින් ක්‍රියාත්මක වෙන මෙවැනි මැරයන්ට වර්තමාන රජය යටතේ දඩුවම් ලැබෙනු ඇතැයි ඔහුගේ බලාපොරොත්තුවයි.