හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් විශ්‍රාම වැටුප්, ලේකම් දීමනාව සහ ඉන්ධන දීමනාව වශයෙන් මාසිකව මෙරට ජනතාව මත පටවා තිබෙන බර ප්‍රමාණය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් හෙළි කරනු ලැබීය.
අද (12) පැවති මාධ්‍ය හමුවකදී තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගත් විස්තර අනුව මන්ත්‍රීවරයා හෙළි කළේ හිටපු ජනාධිපතිවරු වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන සහ පළවා හැරි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පසුගිය ජනවාරි මාසයේදී ඉන්ධන දීමනාව රුපියල් 704,100ක් බැගින් ගෙවා ඇති බවයි. චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරිය වෙනුවෙන් එය රුපියල් ලක්ෂ 5කි.
ලේකම් දීමනාව ලෙස මහින්ද රාජපක්ෂ වෙත රුපියල් 50,000ක් ද, ඉතිරි තිදෙනාට රුපියල් ලක්ෂය බැගින් ද ගෙවා ඇති අතර හේමා ප්‍රේමදාස වෙත රුපියල් 23,000ක් ගෙවා ඇත. එමෙන් ම, හිටපු ජනාධිපතිවරු සිව් දෙනාට මාසික විශ්‍රාම වැටුප රුපියල් 97,500 බැගින් ගෙවන අතර හේමා ප්‍රේමදාස වෙත රුපියල් 65,000කි.