අද (04) පාර්ලිමේන්තුවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අඛණ්ඩ වැඩ වර්ජනය පිළිබඳ ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස ද ලබා ගෙන තිබීමේ ළදරු ප්‍රයත්නයක් හෙළිවිය.

ජාතික ජන බලවේගයේ නායකයා විපක්ෂ නායක කාර්යාලය මගින් කතානායක වෙත යොමු කර තිබූ එම ප්‍රශ්නය ඉතා සුළු වෙනස්කම් සහිතව විපක්ෂ නායක ලෙස තිබෙන වරප්‍රසාද උපයෝගී කර ගෙන සජිත් ප්‍රේමදාස විසින් මුලින් ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ප්‍රශ්න කළ අවස්ථාවේදී කතානායකවරයා සභාවට දැනුම් දුන්නේ විපක්ෂ නායක හැටියට සජිත් ප්‍රේමදාසගේ ප්‍රශ්නය පෙරවරු 11.40ට ලැබී තිබුණු බවත්, අනුර දිසානායකගේ ප්‍රශ්නය 12.10ලැබී ඇති බවත් ය.

මේ අවස්ථාවේ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සඳහන් කරන ලද්දේ මෙවැනි දෑ සිදුවීම වැළැක්වීමට පියවර ගත යුතු බව ය. ඒ අනුව විපක්ෂ නායක කාර්යාලය මගින් අදාළ ප්‍රශ්න යොමු කරනවා වෙනුවට ඍජුව ම පාර්ලිමේන්තු මහ ලේකම්වරියට යොමු කරන ලෙස කතානායකවරයා දැනුම් දෙනු ලැබීය.