බදුල්ල පොලිසිය විසින් හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිාබ්.

ඒ මැතිවරණ නීතිය උල්ලංඝණය කරමින් බදුල්ල නගරයේ නිති විරෝධි පොළපාලියක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

ඔහු ආධාරකරුවන් පිරිසක් සමඟ අත්පත්‍රිකා බෙදා හරිමින් රතිඤ්ඤා දල්වමින් පෙළපාළියේ ගමන් කරමින් සිටියදී ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත පසුගිය 11 වැනිදා මැතිවරණ ආරවුල් නිරවුල් කිරීමේ මධ්‍යස්ථානය සහ බදුල්ල පොලිසිය මගින් පෙළපාලිය විසුරුවා හරිනු ලැබීය.

එම අවස්ථාවේ හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු, ඇඳ සිටි ඇඳුම ගලවා සිය උඩුකය නිරුවත් කරමින් එම ඇඳුමෙන් මැතිවරණ නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට දමා ගැසූ අතර මැතිවරණ ජයග්‍රහණයෙන් පසු එම නිලධාරීන් ගැන බලාගන්නා බවත් තර්ජනාත්මකව පැසීය.