සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට හරීන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාව පත් කර තිබෙන බව වාර්තා වෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ ලිපිය නිකුත් කර ඇත්තේ පසුගිය 16 වෙනිදා දිනැතිව බවයි කියන්නේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ. පසුගියදා ලබාදුන් අධිකරණ තීන්දුවකට අනුව හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර මහත්වරුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසි වුණා. ඒ සජබයෙන් ඉවත්වී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දැක්වීමට ආණ්ඩුපක්ෂයට එක්වීම හේතුවෙන්. තීන්දුවත් සමඟ ඔවුන් දෙදෙනාට එවකට දරමින් සිටි අමාත්‍ය ධුරද අහෝසි වුණා. ඉන් පසුව එම පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර ජනාධිපතිවරයා යටතට පවරා ගනිමින් ගැසට් පත්‍රයක් නිකුත් කෙරුණා.