හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් තනතුරට පත්කිරීමක් සඳහා ඊයේ (14) කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති විජිත හේරත් අද (15) අනාවරණය කළේට.
ඒ අද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීන්දු පිළිබඳ දැනුම් දීමේ කැබිනට් මාධ්‍ය හමුවේදීය.
ඒ අනුව, මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගෙන, හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුරේ දැනට සේවය කරනු ලබන එච්.පී.සුමනසේකර වහාම ක්‍රියාත්මක වන පරිදි අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය වෙත අනුයුක්ත කිරීමටත්, එම තනතුර සඳහා දැනට දකුණු පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු, ග්‍රාමීය සංවර්ධන සංස්කෘතික කටයුතු, සමාජ සුබ සාධන හා පරිවාස ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු හා ගෘහ ආර්ථීක, නිවාස ඉදිකිරීම්, නිවාස හා රැකි රක්ෂා අමාත්‍යාංශයේ ලේකම් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ඒ බී.අයි ද සිල්වා පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.