ඉතා හදිසියේ යොදා ගත් කැබිනට් මණ්ඩල රැස්වීමක් අද (26) සවස 4.00ට ආරම්භ වී ඇති බව වාර්තා වේ.

ඒ පිළිබඳව ලැබෙන තොරතුරු අනුව ඇමරිකාවේදී අත්සන් කරන ලද විදේශ ණය හිමියන් සමඟ වූ ගිවිසුම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට එම හදිසි රැස්වීම යොදා ගෙන තිබේ.

නීතිපති සංජය රාජරත්නම් හට සේවා දිගුවක් ලබා දීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට යොදා ගෙන තිබී ඇත්තේ ද සවස 4.00ටය. හදිසි කැබිනට් හමුව නිසා එය කල් දමා ඇත.