විශ්‍රාමික ජේෂ්ඨ පොලිස්පති රවී සෙනෙවිරත්න ඇතුළු කිහිප දෙනෙකු ඉලක්ක කර ගනිමින් ආණ්ඩුව සහ විපක්ෂය එක්වී එල්ල කර තිබෙන පීඩනය සම්බන්ධයෙන්ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක දැඩි ප්‍රතිචාර දක්වනු ලැබීය.
ජනාධිපති ආරක්ෂක උපදේශක සාගල රත්නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඍජුව ම මැදිහත් වී කරන ලද කැත වැඩේ නතර කරන ලෙස ඊයේ (09) මහරගම තරුණ සේවා ශ්‍රවනාගාරයේ පැවති එම සාමුහිකයේ ජාතික සමුළුව අමතමින් අවධාරණය කරනු ලැබීය.
“රවි සෙනෙවිරත්න මැතිතුමාට ආණ්ඩු පක්ෂයෙන් පමණක් නොවෙයි විපක්ෂයෙනුත් විශාල බලපෑමක් ආවා. ආණ්ඩුව සහ විපක්ෂය යන කණ්ඩායම් දෙකම, එතුමාට වෙලාවක මිත්රශීලිත්වයෙන්, විටෙක ආයාචනාවක ස්වභාවයෙන්, තවත් විටෙක තර්ජනාත්මකව මේ වේදිකාවට ගොඩවෙන්න එපා කියා තිබෙනවා. එපමණක් නොවෙයි මේ වන විටත් එතුමා පිළිබඳ අභූත චෝදනා ඉදිරිපත් කරමින් පරීක්ෂණ සිදුකරමින් සිටිනවා. මේ වේදිකාවේ ඉඳගෙන මම සාගල රත්නායකට කියනවා ඔබේ කැත වැඩේ නතර කරන්න කියා. ඕනෑම පුරවැසියෙකුට මේ රටේ තමන් කැමති දේශපාලන ව්‍යාපාරයක් එක්ක එකතුවෙලා ප්රජාතන්ත්රවාදී ලෙස වැඩකරන්න ශුද්ධ වූ අයිතියක් තිබෙනවා. ඒ කිසිම දේකට සාගලගේ හෝ සජිත්ගේ කැමැත්ත අකමැත්ත අවශ්‍ය නැහැ“ යනුවෙන් අවධාරණය කරනු ලැබීය.