ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී මෙන් ම, ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක සංවිධානය කර තිබෙන මාතර ජන හමුව වර්ජනය කිරීමට නිමල් ලන්සා පිල තීරණය කර ඇති බව වාර්තා වේ.
එම ජන හමුව රනිල් වික්‍රමසිංහගේ ප්රචාරක ව්‍යාපාරයේ තීරණාත්මක ගැම්මක් ගැනීම වෙනුවෙන් අද දහවල් මාතරදී පැවැත්වීමට නියමිත ය. සාගල රත්නායකට අමතරව විදුලිබල ඇමති කංචන විජේසේකර ද මෙම ජන හමුව පැවැත්වීම වෙනුවෙන් මුල සිට ම ක්‍රියාකාරීව මැදිහත් වී තිබිණි.
නමුත්, එම හමුවට සහභාගී වන බව මුලදී සඳහන් කර තිබූ ලන්සා පිල එය වෙනස් කර වෙනත් හේතු දක්වා ඇති බව අනාවරණය වේ. රනිල් වික්‍රමසිංහ රාජපක්ෂලා සමඟ ඩීල් දේශපාලනයක් පවත්වා ගෙන යන තුරු තමන්ට එකම වේදිකාවේ රැලිවලට සහභාගී විය නොහැකි බව රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස්වන දේශපාලන කමිටුවේදී ප්‍රකාශ කර ඇත. ඊට අමතරව, වජිර අබේවර්ධන සහ රවී කරුණානායක ද සාගල රත්නායකට එරෙහිව එළිපිට මත ප්‍රකාශ කිරීමට පටන් ගෙන තිබේ.