පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන බහුතර මන්ත්‍රී ධුර සංඛ්‍යාව ලබාගෙන සිටින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට විපක්ෂ නායක ධුරය අහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.
පසුගිය පාර්ලිමේන්තු කාලය පුරාම ඔහු විපක්ෂ නායක ලෙස තනි ඒකාධිපති රංගනයක යෙදී සිටීම, විපක්ෂයක් ලෙස සාමූහිකව කටයුතු නොකිරීම සහ දැඩි අහංකාරත්වයකින් කටයුතු කිරීම වැනි ගුණාංග නිසා සමගි ජන බලවේගය පවා ඒකමතිය රැක ගැනීමට ඔහු මුළුමනින්ම අසමත්වී සිටී. මෙම තත්වය තුළ රෝහිණී කවිරත්න හෝ හර්ෂද සිල්වා විපක්ෂ නායක ධුරයට පත්විය යුතු යැයි බොහෝ දෙනාගේ මතය වී තිබේ.
මේ වනවිටත් විපක්ෂයක් ලෙස එම කණ්ඩායම් එකතු වී සාකච්ඡා කරන බවක් හෝ කිසිම පාර්ශ්වයකින් නිවේදනය කර නැත. එහෙත් සියලුම දෙනාගේ පොදු විරොධයක් සජිත් ප්‍රේමදාස කෙරෙහි වර්ධනය වී පවතී.