එළඹෙන මහා මැතිවරණයේ දී සජිත් පිලේ අභ්‍යන්තර බල අරගල පුපුරා යන දිස්ත්‍රික්ක පිළිබඳව මේ වන විටත් විශ්ලේෂකයන්ගේ පුරෝකථන ඉදිරිපත් වී තිබේ.

ඒ අතුරින් ප්‍රමුඛ වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයයි. එම දිස්ත්‍රික්කයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉවත් කිරීම සඳහා අප්සාරි තිලකරත්න අලුතින් හඳුන්වා දෙන අතර, ඊට අමතරව චම්පික රණවක, එස්. එම්. මරික්කාර්, ආචාර්ය හර්ෂ ද සිල්වා යන පිරිස අතරේ ද දැඩි අභ්‍යන්තර අරගලයක් ඇති වන ලකුණු දැනටමත් එළියට පැන තිබේ.

එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් වරුණ රාජපක්‍ෂ, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හිටපු යුද හමුදාපති, දයා රත්නායක, මාතර දිස්ත්‍රික්කයෙන් ඩලස් අලහප්පෙරුම සහ නිරෝෂන් ප්‍රේමරත්න යන අයවලුන්ට නාමයෝජනා ලබා දීමට නියමිත අතර, මේ තුළින් නව අභ්‍යන්තර ගැටීම් ඇති වන බව දැනටමත් විවිධ ප්‍රකාශවලින් තහවුරු වී තිබේ. ඊට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා වෛද්‍ය ගලප්පත්ති සහ ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ශාන් විජයලාල් ඉදිරිපත් කිරීමට නියමිත අතර, ජාතික ලැයිස්තුවෙන් හිටපු යුද හමුදාපතිවරයකු වූ මහේෂ් සේනානායක ඉදිරිපත් කිරීමට සුදානමක් පවතී. එමෙන්ම මහනුවර, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක සඳහා ද ඉදිරිපත් කරන නාමයෝජනා සම්බන්ධයෙන් ද මේ වන විටත් ගැටලුකාරී ප්‍රශ්න රැසක් පවතින බව හෙළි වේ.