ජනාධිපතිවරණ ප්රචාරක වේදිකාවල කැපී පෙනෙන කාන්තා චරිත සහ කථිකත්වයෙන් යුතු කාන්තා චරිත ඉක්මනින් ම හඳුන්වා දිය යුතු බව ප්රචාරක උපදේශක ආයතන නිර්දේශ කර ඇති බව වාර්තා වේ.
සජිත් ප්‍රේමදාසගේ ප්රචාරක කටයුතු සඳහා අලුතින් පත්කර සිටින රවී ජයවර්ධන මෙන් ම, ලක්ෂමන් ෆොන්සේකා වැනි අය ද මේ බව පෙන්වා දී තිබුණ ද මේ දක්වා ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු සිදු කර නොමැති බව වාර්තා වේ. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණය ඉදිරියේ වරදකාරියක වී දඬුවම් නියම වීමට පෙර කුමන තත්වයන් යටතේ හෝ එම අඩුව පුරවා තිබූ බවත් මේ වනවිට එය සම්පූර්ණයෙන් ම අත්හැර දමා ඇති බවත් උපදේශකයන් පෙන්වා දී තිබේ.
පසුගිය 2019 ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස සමඟ ප්රචාරක කටයුතු විශාල ප්‍රමාණයකට ජලනි ප්‍රේමදාස සම්බන්ධ වී සිටියාය.