සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වීමට ලොකුම බාධාව ඇති කළේ රනිල් වික්‍රමසිංහ මහතා බවයි සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක කියන්නේ. ඒ හේතුවෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකතු වී දේශපාලනය කිරීමට කිසිසේත්ම අදහස් නොකරන බව ඔහු පවසනවා.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාට බාධා නොකළා නම් ලක්ෂ 13ක ඡන්ද සංඛ්‍යාවක් වැඩිපුර ලබාගෙන ජනාධිපතිවරණය ජය ගැනීමට අවස්ථාව තිබූ බවයි තිස්ස අත්තනායක මහතා කියන්නේ. ඒ නිසා මහ මැතිවරණය සඳහා තරග කරන්නේ තම පක්ෂය බවයිඔහු පවසන්නේ.

රනිල් විකුමසිංහ මහතා සමඟ එකතු වීම යනු පොහොට්ටුවේ මන්ත්‍රීවරු සමඟ එකතු වීමට සමාන බැවින් මහ මැතිවරණයේ දී රනිල් – සජිත් එකතුවක් ගැන කතා කිරීමටවත් තම කණ්ඩායම සූදානම් නැති බව ඔහු කියනවා.