සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ ද යන්න අවිනිශ්චිත බව තහවුරු කෙරෙන ප්‍රකාශයක් එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න සිදු කර තිබේ.

මෙම සති අන්තයේ සිළුමිණ පුවත්පත ඔහු සමඟ කළ සාකච්ඡාවකදී මෙම ප්‍රකාශය කර ඇත.

එම ප්‍රකාශය පහත දැක්වේ.

ජනාධිපති අපේක්ෂකයෝ අතර විවාදයක් තියන්න පුළුවන් ජනාධිපති අපේක්ෂකයෝ කවුරුන්ද යන්න තීරණය වූ පසුවයි. ඕනෑම රටක මෙවැනි විවාද තියෙනවා. මැතිවරණ ප්‍රකාශන හා ජනාධිපතිවරණ අපේක්ෂකයෝ කවුරුන්ද යන්න තීරණය වූ පසුවයි ඒවා තියන්නේ.“

යනුවෙන් කර තිබෙන එම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ද අවිනිශ්චිතතාවයක් පවතින බව ය.

කෙසේ වුවත් සමාජ මාධ්‍යයේ මෙම ප්‍රකාශය හුවා දක්වමින් සඳහන් කරන්නේ එම ප්‍රකාශය සජිත්, අනුර සමඟ යෝජිත විවාදයට ඉදිරිපත් නොවන බව තහවුරු කෙරෙන ප්‍රකාශයක් බවත්, සජිත් ප්‍රේමදාස විව්ධ ස්ථනවලදී විවාද වලින් බියගුල්ලෙකු සේ පැන නොයන ලෙස පැවසුවද ඔහුද විවිධ කූඨ උපක්‍රම මගින් විවාධයට බියවී විවාධයෙන් පැනයාමට සැරසෙන බව ඉගිකල ප්‍රකාශයක් බවය.