විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ ශරීරාක්ෂක සමන්ත නැමැත්තාගේ බිරිඳ, වසන්තී ප්‍රියදර්ශනී නමැත්තියගේ නමට මත්පැන් හලක් ලබා දී ඇති බවත් ඇය එම පක්ෂයේ පළාත් පාලන අපේක්ෂිකාවක් බවත් මෙම කරුණු අනුව මෙම මත්පැන් හල රංජිත් මද්දුම බණ්ඩාර වෙත ලබා දී ඇත මත්පැන් හලක් බවත් රිදීමාලියද්ද ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම්, විනයාචාර්ය සද්ධර්ම කීර්ති ශ්‍රී ශාස්ත්‍රපති පාඨශාලාචාර්ය, ශ්‍රී විමල පබ්බතාරාමාධිපති තෙරිපැහැ ගුණානන්ද හිමියෝ අවධාරණය කරති.

ඒ හිමියෝ මේ බව අවධාරණය කළේ මෙම මත්පැන් හල සම්බන්ධයෙන් පැමිණිලි කිරිම සඳහා ජනාධිපති, විපක්ෂ නායක ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් හමුවීමට පැමිණි අවස්ථාවේ දීය.

එහිදී රිදීමාලියද්ද ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම්, විනයාචාර්ය සද්ධර්ම කීර්ති ශ්‍රී ශාස්ත්‍රපති පාඨශාලාචාර්ය, ශ්‍රී විමල පබ්බතාරාමාධිපති තෙරිපැහැ ගුණානන්ද හිමියෝ අවධාරණය කර සිටියේ, මෙම මත්පැන්හල සඳහා වන අවසර පත්‍රයට අත්සන් තබන ලෙසට රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම්වරියට දැඩි බලපෑමක් එල්ල වන බවත්, එය නීතිවිරෝධී බවත්ය. මතපැන් හල් කිහිපයක්ම අවට පිහිටා තිබියදී තවත් මත්පැන් හලක් ඇති කිරීමේ අවශ්‍යතාවයක් මතුව නැතැයිද ඒ හිමියෝ පවසති.

විශේෂයෙන්ම ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් පවට පත්ව ඇති රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරිද්‍රතාවය ඉහවහා ගිය ප්‍රදේශයක ජනතාවගේ අවශ්‍යතා රැසක් ඉටු කිරීමට තිබියදී මත්පැන්හලක් ඇති කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස ගෙන තිබීම කණගාටුවට කරුණක් බවත් ඒ හිමියෝ අවධාරණය කරති.

රටක ආර්ථිකය මෙහෙයවීමේදී මත්පැන් හල් ආදිය නොතිබිය යුතුයැයි තමන් වහන්සේලා සඳහන් නොකරණ බවත් ඇතැම් හිමිවරු මෙන් අන්තගාමී ලෙස ඒ දෙස නොබලන බවත් ඉතා දුෂිකරතා ඇති, දරිද්‍රතාවයෙන් සපිරි ගැමි පරිසරයක් ඇති ප්‍රදේශයක නාගරික ලක්ෂණ සහිත දියුණු භාවයක් නොමැති වටපිටාවක මත්පැන් හල් ඉදිරි කිරීමෙන් නාගරික භාවය පිළිබිඹු කළ නොහැකි බවත් ඊට තවත් ආර්ථික කරුණ ගණනාවක් සම්පූර්ණ විය යුතු බවත් එවැනි වටපිටාවක් සකස් නොකර කඩිමුඩියේ මත්පැන් හල් ඉදි කිරීමට විරෝධය දක්වන බවත් රිදීමාලියද්ද ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම්, විනයාචාර්ය සද්ධර්ම කීර්ති ශ්‍රී ශාස්ත්‍රපති පාඨශාලාචාර්ය, ශ්‍රී විමල පබ්බතාරාමාධිපති තෙරිපැහැ ගුණානන්ද හිමියෝ වැඩිදුරටත් අවධාරණය කරති.

තවද,

සමගි ජන බලවේගය නියෝජනය කරන මධ්‍යම පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන එම මත්පැන් බලපත්‍ර දෙක මහනුවර දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට විකුණා ඇතැයි වාර්තාවේ.

ඔහු මෙම මත්පැන් බලපත්‍ර දෙක ලබාගෙන ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ වෙන බවට පොරොන්දුවක් දෙමින් යැයිද මේ වනවිට අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවීමෙන් පසු දිගන ප්‍රදේශයේ විහාරස්ථානයක නායක හිමි නමක එම මත්පැන් බලපත්‍ර ලබාගත් ව්‍යාපාරිකයන් දෙදෙනා කැඳවා ඒ ගැන විමසා තිබේ. එම අවස්ථාවේදී එම ව්‍යාපාරිකයන් දෙදෙනාම පවසා ඇත්තේ තමන් විසින් මෙම බලපත්‍ර දෙක ලබා ගනු ලැබූවේ සමගි ජන බලවේගයේ අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීගෙන් බවය.

අනතුරුව එම නායක ස්වාමීන් වහන්සේ සිද්ධිය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පැමිණිලි කර ඇත.

ආණ්ඩුව මැතිවරණයේදී සහාය ලබා ගැනීමට මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට මත්පැන් බලපත්‍ර 200 ලබාදී ඇතැයි පසුගිය දිනවල විශාල කතා බහක්ද ඇතිවිය.

(LankaTruth.com)