රණසිංහ ප්‍රේමදාස ජනාධිපති, එල්ටීටීඊ සංවිධානය හමුවේ යටත් වෙන ලෙස නියෝග කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් 774 දෙනෙකු ඝාතනය කර ඊයේ (ජූනි 11)ට වසර 34ක් සම්පූර්ණ වේ.
නැගෙහිර පළාතේ සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් විශාල පිරිසකට එල්ටීටීඊ සංවිධානයට ආයුධ බාර දී යටත් වෙන ලෙස එවකට සිටි ජනාධිපති රණසිංහ ප්‍රේමදාස නියෝග කර තිබිණි. ඒ අනුව යටත් වූ 774 දෙනෙකු 1990 ජූනි මස 11 වෙනි දින ඝාතනය කර සිරුරු පුලුස්සා දමන ලදී.
නැගෙහිර පළාතේ පොලිස් ස්ථාන එල්ටීටීඊ සංවිධානයෙන් වටකර තිබියදී එවකට සිටි පොලිස් නිලධාරීන් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම් වුවද රාජ්‍ය ආරක්ෂක ඇමති රංජන් විජේරත්න ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ උපදෙස් පරිදි එය වළක්වාලීය. මේ අවස්ථාවේ පොලිසිය ආණ්ඩුවේ නියෝගය කෙරෙහි නොසන්සුන් වී සිටි බවත්, ඇතැම් අය ආයුධ සහිතව ජීවිතය බේරාගෙන පසුබැස ගිය බවත් පසුව හෙළිකර තිබිණි.
එම ඛේදවාචකය සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියේ ඉංග්‍රීසි බසින් පළ කර තිබූ සටහනට මෙතනින් යොමු වෙන්න.