විපක්ෂ නායක ධුරයේ බලතල අයුතු ලෙස යොදා ගනිමින් පොහොට්ටු මන්ත්‍රීවරයෙකු තම වේදිකාවට ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස ඍජුව ම මැදිහත් වී හෙළිකොප්ටර් යානයක් යැවීමට කතා කළ ආකාරය අනාවරණය වී ඇත.

මෙලෙස තම පිලට ගැනීමට උත්සාහ කර ඇත්තේ වීරවංශ පිලේ මේ වනවිට ඉතිරිව සිටින මන්ත්‍රිවරු කිහිප දෙනා අතරින් කෙනෙකු වන ගාමිණි වලේබොඩ ය. සජිත් ප්‍රේමදාසගේ කහවත්ත රැලියේ වේදිකාවට එක්වන ලෙස ගාමිණි වලේබොඩට සජිත් ප්‍රේමදාස ම කතා කර ඇත.

මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත හෙළි කර තිබුණු අයුරු උපුටා ගෙන පහත දැක්වේ.

“මන්ත්‍රීතුමා, මම දන්නවා ඔබතුමා දැන් ඉන්නේ කොළඹ කියලා. මගේකහවත්තේ මීටිමට පැය බාගයකට එන්න. මම චොපර් එකක් එවන්නම්.“ යනුවෙන් සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇත.