පසුගිය මැයි දිනය රැලිය වෙනුවෙන් පූර්ව සැලසුම් කටයුතුවලදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කරන ලද ප්‍රකාශයක් පුවත්පතක පළ වී තිබී මේ වනවිට එහි ඡායාරූපයක් සමඟ සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අතර හට ගෙන තිබෙන අභ්‍යන්තර ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා වූ අවස්ථාවක් එසේ හෙළි වී තිබේ.

එම පුවත්පතේ සඳහන් කර තිබී ඇත්තේ “ඔය ඉලව් කතා කරන්න නොවෙයි මම ආවේ. කළුතර හැමදාම ප්‍රශ්න. මෙතන වෙන මගුල් කතා කරන්න එපා. කළුතර අය පිස්සු කෙලින්න එපා. මේක මගේ අවසාන මැයි දිනය. ජනාධිපතිවරණයෙන් මම පැරදුණොත් ආයෙත් මැයි රැලි කරන්න මම දේශපාලනයේ ඉන්නේ නෑ.” ආදී වශයෙන් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වුවත් සමාජ මාධ්‍ය මෙම ප්‍රකාශය හුවා දක්වමින් සඳහන් කරන්නේ, එසේනම් මේ ගෙවී යන්නෙ සජිත්ගේ දේශපාලන ජීවිකාවේ අවසාන මාස කිහිපය බවය.