UNHCR Sri Lanka සමීක්ෂණ වාර්ථාව නමින් සමාජ මාධ්‍ය තුළ වාර්ථා පළවූ ජනතා මතය පිළිබඳ සමීක්ෂණ අසත්‍ය වාර්ථාව සමගි ජන බලවේගය විසින් නිර්මාණය කරන ලද එකක් බව දැන් අනාවරණය වෙනවා. සාක්ෂි සහිතව මේ බව වාර්තා කරන්නේ සමාජ මාධ්‍ය විසින්මයි.

අදාළ අසත්‍ය සමීක්ෂණ වාර්ථාව අංක 97, රොස්මිඩ් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කාර්යාලය (UNHCR) ලිපි ශීර්ෂ යොදාගෙන එම ව්‍යාජ සමීක්ෂණ වාර්තාව කූට ලෙස සකස් කර ඇත්තේ සහ එය විවිධ මාධ්‍ය වෙත බෙදා හැරියේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරගේ පුද්ගලික ලේකම් වරයෙක් ලෙස සඳහන් පුද්ගලයෙක් විසින් බවයි දැන් වාර්තා වන්නේ.

මෙම ව්‍යාජ වාර්තාව මාධ්‍ය හී පළවූ වහාම එය ව්‍යාජ වාර්තාවක් බව මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිවේදනය කළා. ඉන් පසුව එම වාර්තාව පළකළ විවිධ මාධ්‍ය ඒ පිළිබඳව සිය පාඨකයන්ගෙන් සමාව ඉල්ලා තිබුණා.

දැන් වාර්තා වන්නේ මෙලෙස කූට ලෙස සකස් කළ සමීක්ෂණ වාර්තාව මාධ්‍ය වෙත යවා ඇත්තේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරගේ පෞද්ගලික සහකාර ලෙස පෙනී සිටි හේමන්ත නම් පුද්ගලයෙකු විසින් Telegram මාධ්‍යය ඔස්සේ බවයි.

“ඔහුගේ දුරකථන අංකය +94774754315 ලෙස සටහන් වී තිබිණ. පසුව අප කළ සොයා බැලීම් වලදී, හේමන්ත නමැති පුද්ගලයා නලීන් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ලේකම්වරයෙක් බවත්, මෙම අංකය ඔහුගේ සත්‍ය දුරකථන අංකය බවත් නිවැරදිව සනාථ විය. එම පණිවිඩ අපට එවා තිබුණේ 2024. 05. 13 පෙරවරු 11.33ත් 11.35ත් අතර දී ය.

බැලූ බැල්මට එම සටහන සත්‍යයක් සේ පෙණුන බැවින්, එවූ පුද්ගලයා වගකීම් සහිත තනතුරක සිටින පුද්ගලයෙක් බැවින් අප මෙම වාර්තාව පළකෙරුවෙමු” මේ පිළිබඳව සිය පාඨකයන්ට එම ව්‍යාජ සමීක්ෂණ සටහන පළකළ වෙබ් අඩවි විසින් දැනුම් දී තිබෙනවා.

(A5 News)