සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ විශේෂ ප්‍රකාශයක් කළ තලතා අතුකෝරලට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට මන්ත්‍රිනි රෝහිණී කවිරත්න සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යොදාගැනීමට දරණලද ප්රයත්නයක් සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
මේ වනවිට වාර්තා වන්නේ තලතා අතුකෝරල සජිත් ප්‍රේමදාසගේ පටු අරමුණු සහ අත්තනෝමතික තීරණ ගැනීම මෙන්ම දේශපාලනික අපරිතභාවය සම්බන්ධයෙන් කරුණු සහිතව කළ ප්‍රකාශයට ප්‍රතිපත්තිමය පිළිතුරු නොදී මඩ අවලාද ව්‍යාපාරයක් දියත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන දෙදෙනා යොදා ගැනීමට නොහැකි වීම පිරිමසා ගැනීම සඳහා චමින්ද විජේසිරි සහ එස්.එම් මරික්කාර් යොදාගෙන ඇති බවය.
සජිත් පිල තුළ එස්.එම් මරික්කාර් හඳුන්වන අන්වර්තනාමය “කෝකටත් තෛලය” යන්න බව හෙළි වේ. සජිත් ප්‍රේමදාස හෝ ජලනී ප්‍රේමදාස මෙන්ම ලක්ෂ්මන් ෆොන්සේකා පවරණ ඕනෑම කටයුත්තක් කිසිදු විචාරයකින් තොරව මරික්කාර් ක්‍රියාත්මක කරන බව හෙළි වී තිබේ. එමෙන්ම එම පක්ෂයේ මන්ත්‍රී ධුරයෙන් ඉවත් වූ චමින්ද විජේසිරිද ඒ ආකාරයෙන් කටයුතු කිරීමට පටන් ගෙන ඇත. මෙම ක්‍රියාවලිය ලක්ෂ්මන් කිරිඇල්ලගේ පවා විවේචනයට ලක්ව ඇති අතර රට තුළ පවතින නව දේශපාලන සංස්කෘතික පෙලගැස්ම අවබෝද කරගෙන කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කර ඇත.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ රෝහිණී කවිරත්න එවැනි ප්‍රකාශයක් කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රසාදය පල වී ඇති බවද හෙළි වී තිබේ.