අද (16) පස්වරු 1.00ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මෙම රැස්වීමේදී ඉදිරි පාර්ලිමේන්තු සතියට අදාළ වැදගත් තීරණ කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.
මෙම රැස්වීම නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන අතර, හෙට (17) සහ අනිද්දා (18) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ හෙට දිනයේදී පළමුවෙන්ම සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සිවු දෙනා දිවුරුම් දෙනු ඇත. එමෙන්ම, නව කතානායක පත් කිරීම ද හෙට දිනයේදී සිදු කිරීමට නියමිතය.