විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ලබන ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය ජයත්‍රහණය කරවීම සඳහා සංවිධානාත්මකව පැමිණීම ආරම්භ කර තිබේ.

මේ අතරින් පළමු කණ්ඩායම මේ වනවිට කැනඩාවේ සිට මෙරටට පැමිණ තිබේ. NPP Canada සංවිධානය යටතේ එම පිරිම පැමිණ ඇති අතර මාස දෙකකට ආසන්න කාලයක් රට තුළ රැඳී සිටිමින් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීමට සූදානම් බව වාර්තා වේ.

මෙරටට විශාලතම විදේශ විනිමය ප්‍රමාණය ලබා දෙන විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ද්වේශ සහගත ප්‍රකාශ සිදු කරමින් සිටී.