ජාතික ජන බලවේගයේ සහ සමගි ජන බලවේගයට සහය දැක් වු විශාල පිරිසක් මේ වන විට ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක් වෙමින් සිටින බව එජාප නායක රනිල් වික්‍රමසිංහට සහය දෙන පොහොට්ටුවේ මන්ත්‍රී එස්.බී. දිසානායක පවසනවා. ඔහු කියන්නේ පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් 95% ක් පමණ මේ වන විට ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ සමඟ එක් වි ඇති බවයි.
ඉදිරි දින කිහිපය තුළ අනෙකුත් පක්ෂ වල ආධාරකරුවන් විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්විමට නියමිත බව පවසන මන්ත්‍රීවරයා කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අති සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.