රුසියාවේ ඉගෙනගනිමින් සිටින අතරතුර රෝගීවන විජේවීර කෙටි නිවාඩුවක් ලබාගන 1963 වසරේ නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ලංකාවට පැමිණි පසුව රෝහණ විජේවීර එවකට බෙදී තිබුණු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල හා එක්වන අතර එහි ප්‍රතිපලයක් වශයෙන් නැවත රුසියාවට යාමේ වීසා අවලංගු කිරීමට රුසියානු රජය කටයුතු කරනවා. ඒ හේතුව නිසාවෙන් විජේවීරගේ අධ්‍යාපන ජීවිතය අවසන් වන නමුත් දේශපාලන ජීවිතය ආරම්භ කිරීමට එය හේතු වනවා.
රෝහණ විජේවීරගේ දේශපාලන ගමන
චීන කොමියුනිස්ට් පිලෙහි සාමාජිකයෙක් වන විජේවීර පසුව එම පිලෙහි ඇති අඩුපාඩු පිළිබඳව විවේචනය කරමින්, ඔහු විශ්වාස කල දර්ශනය හා සම්බන්ධ වන නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරනවා. 1965 වසරේ මැයි මස 14 වනදින ගාල්ලේ අක්මීමන නිවසේදී කණ්ඩායමක් සමග එම නව දේශපාලන පක්ෂය ආරම්භ කිරීමේ මූලික සාකච්ඡා කටයුතු කරනවා. මෙලෙස ආරම්භ කරන්නේ අද වනවිට බොහෝ දෙනා හඳුනන ජනතා විමුක්ති පෙරමුණ නම් දේශපාලන පක්ෂයයි. වයස අවුරුදු 16ත් 25ත් අතර තරුණ කණ්ඩායම් වැඩිපුර මේ පක්ෂය හරහා දේශපාලනයට සම්බන්ධ කරගන්නවා. මොවුන්ගෙන් බොහෝ දෙනෙක් ඒ වනවිටත් ආර්ථික වශයෙන් අසීරුතාවන්ට ලක්වූ වගේම රැකියා විරහිත භාවයෙන් පෙළුණු තරුණ කොටස් වුවා.
මුලින්ම විජේවීර විසින් තමන්ගේ නව පක්ෂයේ සාමාජිකයින් දේශපාලන දැනුමෙන් පරිපුර්ණ කිරීමේ කටයුතු ආරම්භ කරන ලද අතර ඔවුන්ට පන්ති පහ ලෙස විප්ලවීය දර්ශනය පිළිබඳ තම මතය ඉගැන්වීමට වැඩපිළිවෙලක් සකස් කළා. ඒ හරහා ශ්‍රී ලංකාවේ ධනවාදී අර්බුදය, ලාංකීය වාමාංශික මාවතේ ඉතිහාසය, සමාජවාදී විප්ලවයේ ඉතිහාසය, ඉන්දියානු ව්‍යාප්තිවාදය, ලංකාවේ සමාජවාදී මග යන නම්වලින් යුතු දේශනමාලාවක් තුළින් සාමාජිකයන් දැනුවත් කිරීමට කටයුතු කළා.
71 කැරැල්ල
1971 අප්‍රේල් 5 වනදා ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවේ මාක්ස්වාදී රාජ්‍යයක් නිර්මාණය කිරීමේ අදහසින් රජයට එරෙහිව කැරල්ලක් දියත් කළා. මීට මාසයකට පමණ පෙර අත් අඩංගුවට ගනු ලැබූ විජේවීර ඒ වනවිට රඳවා සිටියේ යාපනයේ යි. ඔහු මුදවා ගැනීමට ද ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් සැලසුම් කළ ද එය අසාර්ථක වනවා. රෝහණ විජේවීර තමන් අත් අඩංගුවේ සිටියදී කළ බව කියන ප්‍රකාශයක් අදත් සමාජයේ බොහෝ කතා බහට ලක්වන්නක්. එනම් “සමහර විටෙක අප මියයනු ඇත, නමුත් අපේ හඩ කිසිදිනෙක නොමියෙනු ඇත” ඒ වචන කිහිපයයි.
1971 කැරැල්ලට අදාල අප්‍රේල් මහ නඩුවේ 13 වන විත්තිකරු වූයේ විජේවීරයි. ඔහුට සිර දඬුවමක් නියම වුවද 1977 මහ මැතිවරණයෙන් බලයට පත් එක්සත් ජාතික පක් ෂ රජය ඔහු නිදහස් කරනවා. ජනතා විමුක්ති පෙරමුණට දේශපාලනය කිරීම සඳහා ද අවස්ථාව සලසා දෙනවා.
විජේවීර 1982 ජනාධිපතිවරණයට තරග කර තුන්වන ස්ථානයට පත් වන්නේ ඡන් ද 273,428 ක් ලබා ගනිමින්. එක්සත් ජාතික පක්ෂයෙන් තරග කල ජේ.ආර්. ජයවර්ධන මහතා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් ජනාධිපති බවට පත්වීමට සමත් වනවා.
1987-1989 ජනතා නැගිටීම
1983 කලු ජූලිය අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට සම් බන් ධ යයි චෝදනා කොට රජය එම පක් ෂය තහනම් කරන අතර විජේවීර ආදී නායකයින් සැඟවෙනවා. 1987 වසරේ ඇතිවූ ජනතා නැගිටීම හරහා ජනතා විමුක්ති පෙරමුණ නැවත සන්නද්ධ අරගලයක් දියත් කරනු ලබනවා. මෙම නව අරගලයට පාදක වන ආසන්නම හේතුව ඉන්දියානු සාම සාධක හමුදා ලංකාවට පැමිණීමයි. විජේවීරගේ අවසානයත් මේ දෙවන සන්නද්ධ අරගලයේ අවසානය ආසන්නයේදී ම සිදු වනවා. දැවැන්ත මිනිස් ජිවිත ප්‍රමාණයක් ලංකාවට මේ වකවානුව තුළදීත් අහිමිවන අතර 1989 වසරේ උලපනේ තේ වත්තක අත්තනායක නමින් ව්‍යාජ නමකින් සැගවසිටි විජේවීර අත්අඩංගුවට ගන්නට එකල රජය කටයුතු කරනවා.
ඉන් අනතුරුව ඔහුගේ මරණය සිදුවන අතරම එම මරණය අදටත් නොවිසඳුණු මරණයක් ලෙස සැලකෙනවා. ඔහුගේ මරණය පිලිබදව මතයන් දෙකක් පවතිනවා. එකක් නම් විජේවීරව බේරා ගැනීමට යනවිට පොලිසිය හා විජේවීර ආධාර කරුවන් අතර සිදුවූ වෙඩි හුවමාරුවේදී ඔහුට වෙඩිවැදී මියගිය බවයි. වඩා ප්‍රකට මතය නම් විජේවීරව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව බොරැල්ල කනත්තේදී දණහිසට වෙඩිතබා පසුව ගින්නෙන් පිලිස්සී මියයන තෙක් තැබූ බවත්ය. කෙසේ හෝ රෝහණ විජේවීර චරිතය වයස අවුරුදු 46ක්ව තිබියදී 1989 වසරේ නොවැම්බර් 13 වන දින සදහටම දිවියෙන් සමුගන්නවා.
විජේවීර සැමරුම
නොවැම්බර් මාසයේ රෝහණ විජේවීර දිවියෙන් සමුගන්නා අතර ඔහු විසින් ලංකාවේ දේශපාලනය වෙනුවෙන් බිහිකළ පක්ෂය විසින් 1989 වසරේ හා ඒ ආසන්න කාලසීමාවේදී ජනතා අරගලය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කල අයවලුන් සිහිපත් කිරීම වෙනුවෙන් ඉල්මහ විරු සැමරුම නමින් සැමරුම් දිනයක් නම් කරන අතර අදත් මියගිය අයවලුන් ඒ දිනයේදී අනුස්මරණය කරමින් උත්සවයක් පවත්වනවා.
ඒ වගේම ලංකාවේ මේ වනවිටත් රෝහණ විජේවීර නම් චරිතය අලලා චිත්‍රපටයක් නිර්මාණය කරනු ලැබ තිබෙනවා. එය නම් කර ඇත්තේ ‘ගින්නෙන් උපන් සීතල’ යන්නයි. අනාගතයේ හොඳ නිර්මාණයක් රස විඳීමේ හැකියාවකුත් ඒ හරහා ඔබට උදාවනවාට සැකයක් නැහැ.
Cover Image: විජේවීර රැස්වීමක් අමතයි (JVP)
මූලාශ්‍රයයන්
1. 71 කැරැල්ල – වික්ටර් අයිවන්
2. 71 කැරැල්ල – වෛද්‍ය රුවන් එම්. ජයතුංග
3. අප්‍රේල් 5: දකුණ හෙල්ලූ දවස සහ එහි උරුමය – දයාපාල තිරාණගම
(Roar Media)