පසුගිය 09 වෙනිදා කැබිනට් මණ්ඩලය රැස්වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ කලමනාකරණ කමිටුව රැස්වී ඇති අතර එහිදී රනිල් වික්‍රමසිංහගෙන් බලපතළ දෝශාරෝපණ එල්ල වී ඇති බව අනාවරණය වේ.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව එම කලමනාකාරණ කමිටු රැස්වීමේදී සාකච්ඡා කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ එකිනෙකා අතර ඇනකොටා ගැනීම් මිස මැතිවරණ ජයග්‍රහණයක් කෙරෙහි කැපවීමක් කටයුතු කරන කිසිවෙකුත් නොමැති බව රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

පොහොට්ටු පක්ෂයේ සිට තවන් හා එක් වූ කණ්ඩායම් මේ වනවිටත් විවිධ ප්‍රචාරක කටයුතු රැසක් සිදු කරමින් තිබෙන අතර එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා ඒ කෙරෙහි අවනධානය යොමු කළ යුතු බව ද රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත. එම අදහස් දැක්වීම හමුවේ කිසිවෙකුත් ඊට එරෙහි වී නොමැති අතර රැස්වීමෙන් පසුව පිටවී යන අවස්ථාවේ එකිනෙකා හා කතා කර ගනිමින් එල්ල වූ චෝදනා පිළිබඳව නොසතුට පළ කර ඇතැයි වැඩි දුරටත් හෙළි වේ. වජිර අබේවර්ධන ඍජුවම ප්‍රකාශ කර ඇත්තේ “ලොක්කට දැන් පොහොට්ටුව ලොකුයි” යනුවෙනි.

පසුගිය සති කිහිපය පුරා රනිල් වික්‍රමසිංහ දියත් කළ දේශපාලන උපක්‍රම සියල්ල අසාර්ථක වීමෙන් ඇති වී තිබෙන පරාජිත මානසිකත්වය තුළ එක්සත් ජාතික පක්ෂයේ ම පිරිස් අතර විවිධ ගැටුම් අලුතින් නිර්මාණය වී ඇති බව පැහැදිලි වී තිබේ.