හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
‘සිලින්ඩරය’ ලකුණ යටතේ ‘නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ ගම්පහ දිස්ත්‍රීක් නායකයා ලෙස තරඟ කිරීමට ඔහු ඊයේ දිනයේ නාම යෝජනා පත්‍රයට අත්සන් කර තිබුන ද තමා ඉදිරිපත් නොවනබව ඔහු අද දින දැනුම්දී ඇත.
කෙසේවුවද මිට ඉහතදී මැතිවරණයට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කර සිටි එක්සත් ජාතික පක්ෂ නායක රුවන් විජේවර්ධන ගම්පහ දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීම සඳහා අද දිනයේ නාමයෝජනා පත්‍රයට අත්සන් තබා ඇතැයි වාර්තාවේ.
‘සිලින්ඩරය’ ලකුණ යටතේ ඉදිරිපත්වන ‘නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ ගම්පහ දිස්ත්‍රීක් නායකත්වය දරන්නේ රුවන් විජේවර්ධන යි.