පසුගියි පාර්ලිමේන්තු මැතිවරණයට සිලිණ්ඩරය ලකුණ යටතේ ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් සඳහා හිටපු මුදල් ඇමති රවී කරුණානායකගේ නම යොමු කර ඇත්තේ අත්තනෝමතිකව යැයි හිටපු ජනාධිපති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ එම පෙරමුණේ නියෝජිතයින්ට සඳහන් කර තිබේ.

රවී කරුණානායකගේ නම යොමු කර ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂවල කිසිදු අනුමැතියකින් තොරව යැයිද එහිදී සදහන් කර ඇත.

පක්ෂයේ ලේකම්වරිය අත්තනෝමතිකව ක්‍රියා කර ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා එම පෙරමුණේ සියලු පක්ෂ අද පෙරවරුවේ කොළඹ දී රැස්වී තීරණයක් ගැනීමට නියමිතව සිටි පසුබිමක යැයිද පැවසේ.