රනිල් වික්‍රමසිංහගේ ප්රචාරක කටයුතු බව කියමින් කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයක් වජිර අබේවර්ධන විසින් විවෘත කිරීමෙන් පසුව රවී කරුණානායක තම බලය පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ.
ඊයේ (09) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම්වරයා වශයෙන් ඇප කැප වී ක්‍රියා කරන බවයි. මේ වනතුරු එම පක්ෂයේ මහ ලේකම් යනුවෙන් තනතුරක් තිබූ අතර ජාතික ලේකම් වශයෙන් හඳුන්වන තනතුරක් නොතිබිණි. වජිර අබේවර්ධන පක්ෂ සභාපති ලෙස ගෙන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රවී කරුණානායක ඇතුළු පිරිසක් ප්‍රබල ගැටුමක සිටින බව මෙයට පෙර හෙළිවිය. රවී කරුණානායක පක්ෂය තුළ තම බලය වජිර අබේවර්ධන අභිබවා ඇති බව පෙන්වීමට “ජාතික ලේකම්“ වශයෙන් හඳුන්වා ගනිමින් සිටින බව වාර්තා වේ.
ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් හෙළිකර තිබෙන්නේ “ඉතිහාසයේ බලගතුම දේශපාලන සන්ධානය“ ගොඩ නැගීමට තමන් කැපවී ක්‍රියා කරන බව ය.