ජනාධිපතිවරණයේ පරාජයෙන් පසුව රනිල් සහ සජිත් පිල් එක් කිරීමට ප්‍රබල උත්සාහයන් රැසක් ගනු ලැබූව ද පෙර තිබුණාටත් වඩා බරපතළ බෙදී විසිරීම් සිදු වී ඇති බව තහවුරු වී තිබේ.
සජිත් ප්‍රේමදාස පිලේ සාතිශය බහුතරයක් දෙනා රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීමට සම්පූර්ණ එකඟතාවය පළ කර ඇත. සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාත්මික නායකයා ලෙස සැලකෙන ලක්ෂ්මන් ෆොන්සේකා පවා එක්වීම වෙනුවෙන් දැඩි ප්රයත්නයක් දරණු ලැබීය. එහෙත් සජිත් ප්‍රේමදාස රනිල් පිලේ පිරිස් ගලවා ගෙන තමන් වෙත දිනා ගැනීමේ ප්රයත්නයක යෙදී සිටින අතර රනිල් වික්‍රමසිංහ සමඟ කිසිසේත් සන්ධාන ගතවීමට සූදානම් නැති බව දන්වා ඇත.
මේ අතර, රනිල් පිලේ ආශු මාරසිංහ ඇතුළු පිරිසක් සජිත් පිල සමඟ එක්වීම වෙනුවෙන් උනන්දුවෙන් ක්‍රියා කරමින් සිටී. එහෙත් මනූෂ නානයක්කාර වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් එසේ එක්වීමට එරෙහිව කටයුතු කරමින් සිටී.
මෙම තත්වය හමුවේ සජිත් සහ රනිල් දෙපිල ම ජනාධිපතිවරණයට පෙර තිබූ තත්වයටත් වඩා බරපතළ අභ්‍යන්තර ප්රතිවිරෝධතා රැසක් වර්ධනය වෙමින් පවතින බව තහවුරු වී ඇත.