හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, රුවන් විජේවර්ධන පවසනවා. ඒ කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමට අපේක්ෂා නොකරන බව ද ඔහු සඳහන් කරනවා.

මැතිවරණවලට ඉදිරිපත් වූයේ නැතත් එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ඉදිරි දේශපාලන බලවේග සඳහා නායකත්වය ලබා දෙනු ඇතැයි ද නියෝජ්‍ය නායකයා පවසනවා. මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පැවසුවේ, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුරය හෙබවූ අතීත නායකයන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පතා නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ සම්ප්‍රදායක් අතීතයේද නොපැවති බවයි.