ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ දී සිය පක්ෂයවන පොහොට්ටුව සමග යෑමට සූදානම් නම් පොහොට්ටුවත් ඔහුට සම්පූර්ණයෙන් සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

“මැතිවරණය ජයග්‍රහණය කරගෙන යන වැඩපිළිවෙළ දැන් අපේ අතේ තියෙන්නේ. සුබ ආරංචිය අපි ජයග්‍රහණය කරනවා. අපේක්ෂකයා දැම්ම ම තේරෙයි කොච්චර බලගතු කෙනෙක් ද අපි දාන්නේ කියලා. අපි හැමදාම ඉදිරිපත් කළේ පොදු අපේක්ෂකයෙක්. ඊළඟට එන්නේ අපේ ආණ්ඩුවක්. ජනාධිපති අපිත් එක්ක යන්න ලෑස්ති නම් අපි සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා” යි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා කියනවා.