රනිල් වික්‍රමසිංහ අත්තනෝමතික ලෙස බලය යොදවමින් පළාත්පාලන මැතිවරණය කඩාකප්පල් කිරීමෙන් මහජන මුදල් රුපියල් මිලියන 131කට අධික ප්‍රමාණයක් විනාශ කර ඇති බව වාර්තා වේ.
එම මැතිවරණයට අදාළ මූලික වියදම් මැතිවරණ කොමිෂන් සභාව මෙන්ම රජයේ මුද්‍රණාලයද දරනු ලැබීය. එහෙත් කූඨ ආකාරයෙන් එම මැතිවරණය කඩාකප්පල් කිරීම නිසා මහජන මුදල් නාස්ති කළ අතර මැතිවරණයට ඉදිරිපත් වූ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල ඇප මුදල් ඇතුළු මූලික වියදම්ද විශාල වශයෙන් අපතේ ගොස් තිබේ.
විශේෂයෙන්ම රජයේ මුද්‍රණාලය සිදු කළ පළාත්පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු නැවත ලබන වසරේදී සිදු කිරීමට නියමිතය. එ වෙනුවෙන් තවදුරටත් විශාල මුදලක් වැයවනු ඇතැයි ගණන් බලා තිබේ.