ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩ පිළිවෙළ කිසියම් පාර්ශවයක් විසින් කඩාකප්පල් කළහොත් ලංකාව ලෝකයේ යටත් විජිත රාජ්‍යයක් බවට පත්වන බවයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කියන්නේ. රනිල් වික්‍රමසිංහ මහතාට දේශීය මෙන්ම ජාත්‍යන්තරය පිළිබඳ හොඳ අවබෝධයක් තිබූ නිසා කෙටි කලක දී රට නැවත ඔසවා තබන්නට හැකි වූ බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
රටේ ආර්ථිකය ගොඩ නඟන මෙම ගමනට සියලු ජනතාව වෛරය, ක්‍රෝධය, කුහකකමකින් තොරව සහයෝගය දිය යුතු බව ඔහු සඳහන් කරනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට විකුණනවා යැයි ඇතැමුන් චෝදනා ගඟන බව කී වජිර අබේවර්ධන මහතා රට විකිණුවත් බංකොලොත් රාජ්‍යයක් මිලදී ගන්නේ කවුදැයි ප්‍රශ්න කරනවා.