මේ වනවිට පොහොට්ටු පක්ෂයේ ප්‍රබල පළුවක් අත්කර ගෙන තිබෙන අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදීමට ප්‍රබල කොන්දේසියක් අද (03) ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත යුතු බව ය. එම කොන්දේසි දෙක සම්පූර්ණ කළ හොත් ඔහුට සහයෝගය දීම පිළිබඳව සලකා බලන්නේ යැයි වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ රවී කරුණානායක ඇතුළු පිරිස ප්‍රකාශ කර තිබෙන්නේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වන බවයි.