පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ද ලක්ෂ 56ක් ලැබුණු නමුත් ඊට පසුව පැවැති මහා මැතිවරයේ දී ඔහු විසින් බිහි කරන ලද පක්ෂයට ලැබුණේ ඡන්ද ලක්ෂ 27ක් පමණක් බව සබරගමු පළාත් ආණ්ඩුකාර, හිටපු අමාත්‍ය නවීන් දිසානායක සඳහන් කරනවා. දැන් එම වරද නිවැරදි කිරීමට වෙලාව පැමිණ ඇති බවයි ඔහු කියන්නේ. අවශ්‍ය වෙලාවට එම පිරිසම යලිත් රනිල් වික්‍රමසිංහ මහතා ළඟට පැමිණෙනු ඇති බවයි ඔහු පවසන්නේ.
2019 දී එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් අතින් රනිල් වික්‍රමසිංහ මහතාට වරදක් වූයේ නම් එහි පොලියත් සමඟ මෙවර රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදිය යුතු බව ආණ්ඩුකාරවරයා කියනවා.
තම සහෝදරයා වන සජබ මන්ත්‍රී මයන්ත දිසානායක ද මේ දිනවල එහෙට මෙහෙට යන බවට තොරතුරු ඇතැයිද තමන් දන්නා බවයි ඔහු කියන්නේ.