නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම්, නීතිඥ ශර්මිලා පෙරේරා බී.බී.සී. ගුවන්විදුලියට ප්‍රකාශ කර ඇත්තේ, තමන් වෙස්සන්තරලා නොවන බව ය.

රවී කරුණානායක එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට පත් කිරීම සම්බන්ධයෙන් හටගෙන තිබෙන අර්බුදය පිළිබඳව බී.බී.සී. ගුවන්විදුලිය කළ විමසීමක දී මහලේකම්වරිය මේ බව සඳහන් කර ඇත. රවී කරුණානායකට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා දී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහගේ පූර්ණ අවබෝධය ද සහිතව බව මේ වන විට තහවුරු වී තිබේ.

එම තත්ත්වය තුළ මහ ලේකම්වරිය සඳහන් කර ඇත්තේ, රවී කරුණානායකගේ මන්ත්‍රී ධුරය කිසිසේත් ම වෙනස් නොකරන බව ය. මේ වන විට රනිල් වික්‍රමසිංහ විදේශ ගත වී සිටින අතර, ජාතික ලැයිස්තුවේ ඉතිරි මන්ත්‍රී ධුරය ඔහු ම ලබා ගැනීමට දැඩි උත්සාහයක යෙදී සිටින්නේ යැයි දේශපාලන ක්‍ෂේත්‍රයේ බලවත් සැකයක් මතු වී තිබේ.