පාර්ලිමේන්තු මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ උදය ගම්මන්පිල හා සමාන වෙමින් සජිත් ප්‍රේමදාසට වඩා අවධානයක් යොමු කර ගැනීමේ උපහාසාත්මක උත්සාහයක යෙදී සිටින බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.
පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමට රනිල් වික්‍රමසිංහ පත් කළ කමිටු දෙක පදනම් කර ගනිමින් උදය ගම්මන්පිල ගෙන ගිය අසාර්ථක ප්‍රචාරය නිමා වෙනවාත් සමඟම රනිල් වික්‍රමසිංහ වෙනත් ප්රචාරක ව්‍යාපාරයක් දියත් කරමින් සිටින බව එම විශ්ලේෂකයන්ගේ මතය වි තිබේ. ඒ අතර සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට එල්ල කරන විවේචන ජනතාව බිය ගැන්වීමෙන් බැහැරවීමට ප්රයත්න දරන්නේ යැයි පෙන්වා දී තිබේ.
මෙම තත්වය තුළ රනිල් වික්‍රමසිංහ දේශපාලන බියකින් පසුවන අතර තැපැල් ඡන්ද ඉලක්ක කර ගනිමින් තමන් කෙරෙහි අවධානයක් යොමු කර ගැනීමට කිසියම් ප්රයත්නයක් දරන්නේ යැයි පැහැදිලි කර දී තිබේ.