රනිල් වික්‍රමසිංහගේ පියා වූ එස්මන්ඩ් වික්‍රමසිංහ ජේආර් ජයවර්ධන වෙත රහසිගත ලිපියක් යවමින් 1977 – 1981 දක්වා කාලය තුළ රට ප්‍රපාතයට ඇද ගෙන ගිය බවත්, ඒ හේතුව නිසා ම 1983 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සැක සහිත බවත් පෙන්වා දී ඇති බව සුවිශේෂ පුවත්පත් වාර්තාවකින් හෙළි කර තිබිණි.
එම ලිපිය ලියා තිබෙන්නේ 1981 ජූනි මාසයේදී වන අතර රනිල් වික්‍රමසිංහ එවකට ජේආර් ජයවර්ධන විධායක ජනාධිපතිගේ සමීපතම කැබිනට් ඇමතිවරයෙකු ලෙස පත් කර සිටියේය. ඒ අධ්‍යාපන ඇමති ධුරය ලබා දෙමිනි. එස්මන්ඩ් වික්‍රමසිංහ ජේආර් ජයවර්ධන වෙත යවන ලද රහසිගත ලිපිය පිළිබඳ තොරතුරු 1981 ජූනි 02 දා ඇත්ත පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් හෙළි කර තිබිණි.
එහි විශේෂයෙන් දක්වා තිබුණේ “1983දි යූඇන්පීයේ ජයග්‍රහණය සහතික කිරීමට හැකිද යන්න ගැනත් බරපතළ ලෙස කල්පනා කළ යුතුව ඇතැයි අනතුරු ඇඟවීමක් ද කරයි” යනුවෙනි. මේ අනුව පැහැදිලි වන්නේ ලාම්පු කලගෙඩි ඡන්ද මංකොල්ලය පවත්වා ජේආර් ජයවර්ධනගේ 5/6ක පාර්ලිමේන්තු බලය පවත්වා ගැනීමට කූට උපක්‍රමයක් යෙදූ බව ය. එහෙත් රනිල් වික්‍රමසිංහගේ පියා දුර දක්නා නුවනින් කටයුතු කරමින් එළඹෙමින් තිබූ පරිහානිය පිළිබඳව පෙන්වා දී තිබිණි.
රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස මේ වනවිට රට ගොඩ ගත් බවට ව්‍යාජ ප්‍රකාශ කරමින් සිටින අතර මැතිවරණ සිතියම හැකිළීමට සහ අධිකරණ තීන්දු නොතකා ක්‍රියා කිරීමට දරණ ලද සියලු ප්රයත්න මහජන බලය හමුවේ පරාජය වී තිබේ. එවැනි පසුබිමක එස්මන්ඩ් වික්‍රමසිංහ එදා පෙන්වා දී තිබූ කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම කාලීන වැදගත්කමකින් යුක්ත වේ.
එම ඓතිහාසික පුවත්පත් වාර්තාව සම්පූර්ණයෙන් ම පහත පළ වේ.