රනිල් වික්‍රමසිංහ තැපැල් ඡන්ද ඉලක්ක කර ගනිමින් ගෙන යන බාල ප්‍රචාර සම්බන්ධයෙන් සමාජ මාධ්‍යය තුළ දැඩි විරෝධයක් පළ වෙමින් පවතී.
රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට මුදල් වෙන් කළ බව ප්‍රකාශ කරන රනිල් වික්‍රමසිංහ, එම ප්‍රකාශයේ අවසන් කොටස වනවිට එම වැඩි කිරීම විදිමත් ආකාරයට යෝජනා කර ඇතැයි ප්‍රකාශ කරනු ලැබීය. තවත් අවස්ථාවකදී ප්‍රකාශ කර ඇත්තේ එම වැටුප් වැඩි කිරීම පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත් කළ කමිටුවේ ප්‍රධානියා වත්මන් ජනාධිපතිවරයා සමඟ සිටින බවයි.
මේ ආකාරයෙන් එකිනෙකට පරස්පර ප්‍රකාශ කරමින් තැපැල් ඡන්ද ලබා ගැනීම සඳහා කරමින් සිටින ප්‍රචාර “ඡන්ද මරිසියක්“ බව සමාජ මාධ්‍ය විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.