ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමේ පූර්ණ බලය මැතිවරණ කොමිෂන් සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ලැබීමට ඔන්න මෙන්න කියා තිබියදී වාරණ නියෝගයක් පනවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ව්‍යාපාරිකයෙකු වන සී. ඩී. ලෙනවර් නැමැති පුද්ගලයෙකු විසින් අද (03) දින එම පෙත්සම ඉදිරිපත් කර ඇත. පාර්ලිමේන්තුවෙන් පත්කර ගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුප්‍රාප්තික ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයක් ලබා ගැනීම එම පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනය සම්බන්ධයෙන් අධිකරණයේ අර්ථ නිරූපණය මෙයට පෙර චන්ද්‍රිකා කුමාරතුංග 2004දීත් මෛත්‍රිපාල සිරිසේන සම්බන්ධයෙන් 2019දීත් මෙවැනි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසනු ලැබිණි. මෙරට විධායක ජනාධිපති ලෙස පත් වූ ජේආර් ජයවර්ධන, චන්ද්‍රිකා කුමාරතුංග, මෛත්‍රිපාල සිරිසේන යන තිදෙනා ම, තම ධුර කාලය දීර්ඝ කර ගැනීම සඳහා විවිධ ආකාරයේ උපක්‍රම සොයා බැලීය.

මෙවැනි උපක්‍රමය යොදනු ඇති බවට මත පළවීම ආරම්භ වූයේ එක්සත් ජාතික පක්ෂයේ යෝජනාවක් සම්මත කර ගෙන පාලිත රංගේබණ්ඩාර මාධ්‍යය හමුවේ ප්‍රකාශයක් කිරීමත් සමඟ ය.