සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාදී එම පක්ෂයේ සංහිඳියා කමිටුවට පත් කිරීම මගින් රනිල් වික්‍රමසිංහ විසින් අටවන ලද උගුලේ සජිත් ප්‍රේමදාස දැඩිව හසුවී ඇති බව වාර්තා වේ.
රංජිත් මද්දුමබණ්ඩාර එම සාමාජිකත්වය ලබාදීම මේ දක්වා ප්‍රතික්ෂේප කර නැති අතර ඔහුට එම සාමාජිකත්වය ලබාදීම පිළිබඳව සජිත් පිලේ කිසිවෙකුත් මේ දක්වා කරුණු පැහැදිලි කිරීමක් කර නැත. මේ අතර සජිත් පිලේ මන්ත්‍රීවරු 20ක් අවම වශයෙන් රනිල් වික්‍රමසිංහ සමඟ එක්කර ගත යුතු බවට රාජපක්ෂ පවුල ඉදිරිපත් කර තිබෙන කොන්දේසියත් සමඟ ඊට අදාළ මෙහෙයුම් එක්සත් ජාතික පක්ෂය විසින් මේ වනවිටත් දියත් කර තිබේ.
රංජිත් මද්දුමබණ්ඩාර සහ හර්ෂ ද සිල්වා අතර එලිපිට මත ගැටුම් ඇතිවී තිබිණි. එහෙත් මේ වනවිට මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ විසින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාට විමධ්‍යගත අරමුදලින් ප්‍රතිපාදන ලබා දී තිබේ. ඔහු රනිල් වික්‍රමසිංහ සමඟ ඉක්මනින් ම එකතු වනු ඇතැයි මාධ්‍ය වාර්තා පළ වී තිබිණි. එහෙත් හර්ෂ ද සිල්වා මෙන් ම රංජිත් මද්දුමබණ්ඩාර යන දෙදෙනාම එක්කර ගැනීමට රනිල් වික්‍රමසිංහ උත්සාහ දරමින් සිටින බව මේ වනවිට පැහැදිලි වී තිබේ.