ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කිරීමට දිනයක් තිබියදී එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් පාලික රංගෙ බණ්ඩාර එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

අද (29) එම ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කළ අවස්ථාවට රංගෙ බණ්ඩාරට අමතරව රවී කරුණානායකද සහභාගී නොවීම පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමු වී තිබේ. එම අවස්ථාවට පොහොට්ටුවේ සිට රනිල් පිලට එක් වූ විශාල පිරිසක් සහභාගී කරගෙන සිටි අතර බොහෝ අවස්ථාවල එම පිරිසගෙන් බැහැරව රූපවාහිනී කැමරා දර්ශන ලබාගෙන තිබිණි.

පාලිත රංගෙ බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ බලතල යොදවමින් ඉවත් කර ඇති බව වාර්තා වේ. එම කටයුතු ආවරණය කිරීම සඳහා නියෝජ්‍ය මහ ලේකම් ක්‍රිශාන්ත ප්‍රියදෝර්, ශමල් සෙනරත් සහ නීතීඥ රෝලන්ඩ් පෙරේරා යන තිදෙන වෙත පවරා ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.