හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය පිහිටුවීම සඳහා යැයි පවසමින් රජයෙන් මානව හා භෞතික සම්පත් ප්‍රමාණයක් ඉල්ලා ඇත.

එසේ ඉල්ලා ඇති මානව හා භෞතික සම්පත් අතර ආරක්ෂාව සඳහා නිලධාරීන් 163ක්, ගිනි අවි 25ක්, උණ්ඩ 525ක්, වාහන 16ක්, ගමන් කථන 25ක්, ගෑස් මාස්ක් 02ක්, කෙවුල්‍ 02ක්, කූඩ 30, ඩ්‍රැගන් ලයිට් 10ක්, ප්‍රින්ටර් 01ක්, පරිඝණක 01ක්, සුපවේදින් 16ක්, වෛද්‍ය නිලධාරීන් 08ක් ආදිය තිබේ.

මෙම ඉල්ලීම සහිත ලිපිය 2024.09.27 දිනැති ජනාධිපති ලේකම් වෙත යොමු කර ඇත්තේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යකෂ විසිනි.