මුදල් ඇමැති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මත්පැන් හල් විවෘත කිරීමේ බලපත්‍ර දේශපාලන අල්ලසක් ලෙස ලබා දුන් කිහිප දෙනකුගේ විස්තර හෙළි වී තිබේ.

ඒ පිළිබඳව විස්තර පහත දැක්වේ :

01. කරන්දෙණිය සභාවේ හිටපු සභාපති, ගාමිණී අමරවංශ – මුණුගොඩ වයින් ස්ටොර්ස්.

02. මහනුවර දිස්ත්‍රික්කයෙන් සිලින්ඩරය ලකුණින් තරග කළ රනිල් රාජපක්‍ෂ.

03. නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපති, ගොසිතබදුගේ අමල් ප්‍රියංකර.

04. මාතලේ සමාදාන විනිශ්චයකාර, කාමනාදන් නගුලේශ්වරන්.

05. එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම්, පාලිත රංගේ බණ්ඩාරගේ පුත්, යශෝධ රංගේ බණ්ඩාර.

06. හිටපු නියෝජ්‍ය ඇමැති, ශාන්ත බණ්ඩාරගේ පුත්, අනුධ ජිනාජිත් සමරකෝන් බණ්ඩාර.

මේ ආකාරයට දේශපාලන අනුග්‍රහය මත ලබා දී තිබෙන මත්පැන් හල් බලපත්‍ර පිළිබඳව සවිස්තර ක්‍රමානුකූලව සොයා ගැනීමට සිදු වී තිබේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නාමලේඛනය සමඟ තවත් තොරතුරු රැසක් පරීක්‍ෂා කර බැලීමෙන් පමණක් මෙම දේශපාලන සම්බන්ධතාව තහවුරු කරගත හැකි ය.