පසුගිය දිනවල ඇද හැළුණු ධාරානිපාත වර්ෂාපතනය සහ සැඩ සුළංවලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා රතු තරුව සහන සේවා බලකාය දිස්ත්‍රික් ගණනාවක ක්‍රියාකාරී වැඩ සටහන් දියත් කර ඇත.

ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වූ කොළඹ, ගම්පහ, ගාල්ල, මාතර, කළුතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල විශේෂයෙන් එම මෙහෙයුම් දියත් කර තිබේ. පිසින ලද සහ වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම, පානීය ජලය ලබාදීම සහ ජන ජීවිතය යථාවත් කිරීමට අදාළ සහන සේවාවන් රතු තරුවෙන් ඉටු කරමින් සිටිති.