කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ‘Industry Expo – 2024’ කර්මාන්ත ප්‍රදර්ශනයට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස එක්ව තිබුණා.

එහි වූ ප්‍රදර්ශන කුටි ගණනාවක් නිරීක්ෂණය කරමින් කර්මාන්ත ප්‍රදර්ශනයට එක්වූ ව්‍යවසායකයන් හා සාකච්ඡාවන්ට එක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ මෙරට නැව නිපැයුම්කරුවන්ට සහ ව්‍යවසායකයන්ට නිසි පහසුකම් රජය විසින් සපයන්නේනම් ඔවුන්ට ජාත්‍යන්තර වෙළඳපොළ ජයගත හැකිවනු ඇති බවයි කියන්නේ.

“මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමට සමත් නව නිපැයුම්කරුවන්, නිෂ්පාදකයන් සහ ව්‍යවසායකයන් රැසක්ම ඉන්නවා. සමහර දෙනෙක් තමන් විසින්ම තමන්ගේ අරමුණත් ඉලක්කයත් ජය අරගෙන තිබෙනවා. හැබැයි ඒ පිරිස සාපේක්ෂව අතලොස්සක්. මම මෙවර කර්මාන්ත ප්‍රදර්ශනය බලන්න බණ්ඩාරනායක සම්මන්ත්‍රණය බලන්න ගියා. එතන ප්‍රදර්ශන කුටි පවත්වාගෙන ගිය අයත් එතනට ආපු මම වගේම නරඹන්නොත් මුණ ගැහුණා. මම ඒ අය සමඟ අදහස් හුවමාරු කර ගත්තා.

නව නිමවුම්කරුවොත්, නරඹන්නොත් එක්ක අපි සුහද සාකච්ඡාවකට එක්වුණා. ඒක අවිධිමත් සාකච්ඡාවක්. හැබැයි ඒ සාකච්ඡාවන් සජීවී යි. අපි තුන් ගොල්ලොම එකඟ වුණු එක දෙයක් තිබුණා. ඒ තමයි රජයේ නිසි සැලසුමක් සහ අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ නම් දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපොළ ජයගැනීමට මේ නව නිපැයුම්කරුවන්, නිෂ්පාදකයන් සහ ව්‍යවසායකයන් සමත් වන බව.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ‘Industry Expo – 2024’ එකේදී අපි ඒ ගැන සුබවාදී බලාපොරොත්තුවක් ඇතිකර ගත්තා” යි වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.